― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalජනපති ගෙදර යැවිය යුතු ආකාරය නිමල් කියයි

ජනපති ගෙදර යැවිය යුතු ආකාරය නිමල් කියයි

ජනතාව උද්ඝෝෂණය කළ පමණින් ජනාධිපතිවරයා තනතුරින් ඉවත් කළ නොහැකි බවත් ඒ සඳහා දෝෂාභියෝගයක් ගෙන ආ යුතු අතර එසේ නොමැති නම් ජනාධිපතිවරයා තනතුරුන් ඉල්ලා අස්විය යුතු බවත් නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) පාර්ලිමේන්තුවේදීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මින් පරිබාහිර ක්‍රමයක් නොමැති බවත් එහෙත් ජනමතයට කන් දී යන්න ඕන නම් එය ජනාධිපතිවරයා විසින් කළ යුතු තීරණයක් බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

තුනෙන් දෙකකින් දෝෂාභියෝගයක් සම්මත කර එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බවත්, එහෙත් ජනතාව උද්ඝෝෂණය කළ පමණින් ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට නීතියක් නොමැති බවත් ඒ මහතා පවසා සිටියේය.