― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsජනාධිපතිට ඉල්ලා අස්වෙන්න බැරිකමක් නෑ - හිටපු මැකො

ජනාධිපතිට ඉල්ලා අස්වෙන්න බැරිකමක් නෑ – හිටපු මැකො

ජනාධිපතිවරයා කැමති නම් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහු මේ බව පැවසුවේ රූපවාහිනී නාලිකාවක පැවති සංවාදයකදී අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහ්ස් දැක්වූ ඒ මහතා කියා සිටියේ 1953 වර්ෂයේ ඇති වූ හර්තාලයෙන් වසර 69කට පමණ පසු දකුණේ ඇති වූ විශාලම ජනතා විරෝධය මේ වන විට සිදු වෙමින් පවතින බවයි.

යම් හෙයකින් ජනතාවගෙන් එල්ල වන මෙම පීඩනය හමුවේ ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉවත් වුවහොත් ඉන්පසු සිදු වන්නේ වැඩ බැලීම සඳහා ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම බවත් එලෙස වැඩබැලීම සඳහා අනුප්‍රාප්තිකයෙකු පාර්ලිමේන්තුව විසින් පත් කර ගනු ලබන තෙක් අග්‍රාමාත්‍යවරයාට ජනාධිපති ධූරයේ වැඩ බැලීමට හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

දෙවරක් ජනාධිපති ධූරයේ කටයුතු කළ දැන් අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරන මහින්ද රාජපක්ෂට නැවත ජනාධිපති ධූරයේ කටයුතු කළ හැකිද? යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් ඔහු එහිදී කියා සිටියේය.

එසේ අග්‍රාමාත්‍යවරයාට යළි ජනාධිපති ධූරයේ කටයුතු කිරීමට නොහැකි වුවහොත් ජනාධිපති ධූරයේ වැඩ බැලීම සඳහා ඊළඟට බලය හිමිවන්නේ කතානායකවරයාට බව මහින්ද දේශප්‍රිය සඳහන් කළේය.