27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalදැන් ඡන්දයක් තිබ්බොත් අපි ඔක්කොම ගෙදර

දැන් ඡන්දයක් තිබ්බොත් අපි ඔක්කොම ගෙදර

මේ මොහොතේ ඡන්දයක් පැවැත්වුවහොත් පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාගෙන් එක් පුද්ගලයෙකුවත් පාර්ලිමේන්තුවට තේරී පත් නොවන බවත් අද තියෙන්නේ අත මාරුවට ගෙනියන ආණ්ඩුවක් බවත් දයාසිරි ජයසේකර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) පාර්ලිමේන්තුවේදීය.

“අද අර්බුදයට උත්තර සෙවිය යුත්තේ පාර්ලිමේන්තුවෙන්ම පමණයි. එළියේ සිටින මිනිස්සු කරන උද්ඝෝෂණවලට විසඳුම් සෙවිය යුත්තේ ගෝඨාභය ගෙදර යන්න කියා නොවේ පාර්ලිමේන්තුව තුළින්මයි. රට අරාජිත වෙන්න ඉඩ දෙන්න බැහැ. උතුරේ සමහර නායකයන් අද ෆෙඩරල් ඉල්ලනවා.

උතුරු, නැගෙනහිර ජනතාවට තියෙන්නේ ෆෙඩරල් ප්‍රශ්නයක් නෙමේ. කෑම පිළිබඳ ප්‍රශ්නයක්. අද ඡන්දයක් තියලා බලන්න මොකද වෙන්නේ කියලා. 225න් එකෙක්වත් පාර්ලිමේන්තුවට පත් වෙන්නේ නෑ. ඒ වග ම රටේ ප්‍රශ්නය ඔඩුදුවනකම් IMF ගැන කතා කෙරුවෙ නැහැ.

භූ දේශපාලනය පටලවාගෙන වැඩක් නෑ. මම කියන්නේ අපි එකතුවෙලා මාස හයකටවත් වැඩපිළිවෙළක් හදමු. අත මාරුවට ගෙනියන ආණ්ඩුවක් අද තියෙන්නේ.”