27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSocialයුනිෆෝම් ඇන්දෙ නැත්නම් මගේ තාත්තත් අද ඔය අරගලයට යනවා - පොලිස් නිලධාරියෙකුගේ...

යුනිෆෝම් ඇන්දෙ නැත්නම් මගේ තාත්තත් අද ඔය අරගලයට යනවා – පොලිස් නිලධාරියෙකුගේ දියණියක් තැබූ සංවේදී සටහන..

අම්මට ඊයෙ කෝල් එකක් ගත්තම අම්මා මට කියනවා “තාත්තා අදත් අතන උද්ඝෝෂණේට දාලා හැබැයි මං තාත්තට කිව්වා මිනිස්සු කෑ ගහගෙන එනකොට එයාලට යන්න දීලා පාඩුවෙ ඉන්න කියලා. ඉහලින් නියෝග ආවා කියලා මොනවා කිව්වත් තාත්තට මොනවා හරි උනොත් ඒක දැනෙන්නෙ මටයි ඔයාලටයිනෙ වෙන කාටවත් නෙවෙයිනෙ කියලා.

” අපි දන්න කාලෙකින් තාත්තා එක්ක පෝයට පන්සලකට ගිහින් නෑ.. එයා වැඩ..ඉස්සර මගෙ ඉස්කෝලෙ රැස්වීමකට තාත්තා නෑ. එයා වැඩ..බර්ත්ඩේ එක සමරන්න එයා නෑ එන්නෙ ගොඩක් රෑ වෙලා. එයා වැඩ..දරුවෙක් ලැබෙන්න ඉද්දි එයාලට එයාලගෙ වයිෆ් ලග ඉන්න නෑ එයාලා වැඩ. (මට මතකයි අපේ අම්මා කිව්වා අයියා ලැබෙන්න හොස්පිට්ල් ඉන්නකොට තාත්තා ලග නෑ එයා දුර ට්‍රාන්ස කරලා හිටියෙ කියලා.)

අඩුම ගානෙ තාත්තට අපි එක්ක ආදරෙන් කතා කරන්නවත් වෙලාවක් නෑ එයාට වැඩ..පුංචි කාලෙ ඉඳන්ම දන්නෙ මගෙ තාත්තා පොලිසියෙනෙ වැඩ කරන්නෙ ඉතින් එයාට වෙලාවක් නෑ කියලා කියන්න. තාත්‍තා ඉන්නම ඕන දවස්වල එයා ලඟ නැති වෙද්දි දැනෙන හැඟීම ඔය කාටවත් වඩා අපි දන්නවා..පංතිය ලගට බයික් එකේ මාව ගිහින් දාන්න එයාට වෙලාවක් නෑ කියලා මං ඉස්සර රණ්ඩු කරලා තියනවා. අනිත් මිනිස්සුන්ට තියන පොඩි නිදහසක්වත් පොලිසියෙ ඉන්න අයට අඩුයි කියලා දැනගත්තෙ පොඩි කාලෙමයි.

ඒත් කවදාවත් පොලිස්කාරයා කියලා පොලිස් මාමා කෙනෙක්ට කතා කරන්න දීලා නෑ අපේ තාත්තා. පොඩි කාලෙ ඉඳන්ම ගැහුවා බැන්නා අදටත් පොලිස්කාරයා කියලා කාටවත් කියලත් නෑ කියන්නෙත් නෑ මං.. උදේ ඉඳන් රෑ වෙනකන් වැඩ කරලා ගෙදර ඇවිත් ටිකක් නිදාගන්න යනකොටම තාත්තට කෝල් එකක් එනවා අන්න අතන එල්ලිලා මැරිලා එක්කෙනෙක් එතනට යන්න කියලා. ආයෙම ඉක්මනට ලේස්ති වෙලා එයා යනවා. ඔය ඔක්කොම පිටින් බලලා මේ වගේ කියන මිනිස්සු දකින්නෙ නෑ..

හැමෝම හිතනවා වගේ ලක්ෂ ගනන් පඩි ලැබෙන රස්සාවක් නෙවෙයි ඒක. දුක් විඳලා ගන්න පඩියෙන් රුපියලක් වත් ගන්නෙ නැතුව තාත්තා ඉස්සර ඉඳන්ම අම්මගෙ අතට දෙන්නෙ. එයා ඒක මැනේජ් කරගෙන තාත්තගෙ වියදමටත් දීලා අපි ඔක්කොගෙම වියදම් බලලා කරන්නෙ හරි පරිස්සමෙන්. අදටත් කාගෙන්වත් ණයක් ගන්නෙ නැතුව ජීවත් වෙන්නෙ අම්මගෙ අරපරිස්සම නිසා. නැතුව අපේ තාත්තාලා පොලිසියෙ හිටියා කියලා අපිට හතරමහ නිධානෙ පහල වෙලා නෑ… ඒ නිසා මේ වගේ කතා කියන්න කලින් සියපාරක් හිතන්න..යුනිෆෝම් එක ඇන්දෙ නැත්නම් මගෙ තාත්තත් ඔය අරගලයට යනවා අනිවාරෙන්…..

copied by facebook