― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalලොකු පුටුවල වෙන අය ඉඳගත්තම ඩොලර් උඩින් වැටෙනවද?

ලොකු පුටුවල වෙන අය ඉඳගත්තම ඩොලර් උඩින් වැටෙනවද?

නිවෙස් තුළ විදුලිය, ගෑස්, ඉන්ධන නොමැති විට එම පීඩනය ජනතාව පිටකිරීම ඉතා සාධාරණ බවත් රට තුළ ඇතිව තියෙන තත්ත්වයට තමා ජනතාවගෙන් සමාව ඉල්ලන බවත් හිටපු මුදල් අමාත්‍ය අලි සබ්රි පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (07) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

“2018 දී සියලුදෙනාම තර්ක කළේ, දින 52ක ආණ්ඩුවට ඔය විදියටම ව්‍යවස්ථාව රැක ගන්න. ව්‍යවස්ථාව තමා උත්තරීතරම නීතිය කියලා. අද ඔයගොල්ලෝම ඇවිත් හිටගෙන කියනවා ව්‍යවස්ථාවෙන් එළියට ගිහින් විසඳුම් හොයන්න කියලා. අද ඕක කියයි. ඉස්සරහට ඕකෙන් වෙන බලපෑම කල්පනා කරලා බලන්නට ඕනේ. කිසිම මිනිහෙක්ට මේ රටේ ආණ්ඩුවක් කරන්න වෙන්නේ නෑ. අවුරුද්දෙන් අවුරුද්දට මිනිස්සු පාරට ගහයි. මොකද අපි අමාරුම කාලෙක ඉන්නේ. කවුරු ආවාත්, ශක්‍ර දෙයියෝ ආවත්, අපිට වෙනවා විශාල පරිත්‍යාගයක් කරන්න වෙනවා. අපි එකිනෙකාට ඇඟිල්ල දික්කරලා මේකෙන් එළියට එන්න බෑ.

අපේ හර්ෂ මැතිතුමාට අපි ආරාධනා කරනවා මේක ඇවිත් භාරගන්න කියලා. අපි දෙන්නම් ඔබතුමාට ඇවිල්ලා ඔයතුමා කරන්න. අපි උදව් කරන්නම්. ගරු හර්ෂ මැතිතුමනි, ඔබතුමා දන්නවා ඔයතුමන්ලාට හිටිය හොඳම බොස් තමා මංගල සමරවීර මහත්තයා කියලා. මංගල සමරවීර ආර්ථික විද්‍යාඥයෙක් නෙමෙයි. එතුමා හොඳ මුදල් ඇමති කෙනෙක් කියලා ඔබතුමා කියනවා. එරාන් වික්‍රමරත්නත් කියනවා. මම හිතන්නේ ආර්ථික විද්‍යාඥයෙක් වෙන්න ඕනේ නෑ හොඳ මුදල් අමාත්‍යවරයෙක් වෙන්න. හොඳට ඇහුම්කන්න දෙන්න ඕනේ, හොඳට තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි මේ ප්‍රශ්නේ බරපතළකම තේරුම් අරන් තියෙනවා. ඔබතුමන්ලාට අපිත් එක්ක එකතුවෙලා විසඳුම් හොයන්න කියලා ආරාධනා කරලා තියෙනවා.

මිනිස්සුන්ට ප්‍රචණ්ඩකාරීත්වයෙන් තොරව, සාමකාමීව විරුද්ධත්වය ප්‍රකාශ කිරීම අයිතියක්. අයිතියක් විතරක් නෙමෙයි. ඒක යුතුකමක්. ඒක අපි පිළිගන්නවා. හැබැයි ඒක ප්‍රචණඩත්වය කරා යනවා නම් අපිට ඒක කිසිසේත්ම සාධාරණීකරණය කරන්න බැහැ. පාර්ලිමේන්තුවේ සිටින රොෂාන් ප්‍රනාන්දුගේ, කෙහෙළිය රඹුක්වැල්ලගේ, කාංචනගේ ඇතුළු මිනිස්සුන්ගේ ගෙවල් වටකරලා ගල් ගහලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ? ඒක පිටිපස්සේ කවුද ඉන්නේ.

පොඩි දරුවත් ඇවිත් සමහර උද්ඝෝෂණවල ඉන්නවා. මම දැක්කා ජනාධිපති මන්දිරය ඉස්සරහ ඒ අය නටනවා අවුරුදු 13 – 14 අය. ඒ අයට මේකේ බරපතළ කමක් තේරෙන්නේ නෑ. ඉදිරියට ඔය විදියට ගියාම කවුරුත් මේකට වගකියන්නේ නැත්නම් ඇමතිකම්වල මිනිස්සු වාඩිවෙන්නේ නැත්නම් කවුද මේකට වගකීම ගන්නේ. කාට විරුද්ධව ද ඉස්සරහට විරෝධතා දක්වන්නේ ? මේක විනාශ වුණාම කොහෙට ද යන්නේ ? මේකට විසඳුම කොහොම ද අපි මේ රටට විදේශ විනිමය ගෙන්න ගන්නේ කියන එකට විසඳුමක් අපිට දෙන්න. අපි හිතමුකෝ මේ ඉන්න අය යැව්වා කියලා. වෙනම කට්ටියක් වාඩි වුණා කියලා ඩොලර් එනවා ද?

මේ තත්ත්වය තේරුම් ගන්න. මට මතකයි ඒ කාලේ අලෙවි මව්ලානා මහත්මයා කියනවා, “තැල්ල බඳින්නත් බෙල්ල තියෙන්න ඕනේ” කියලා බෙල්ල ගහලා ගියොත් තැල්ල බඳින්න බෑ. ඒක නිසා ඔබතුමන්ලා මේ ආර්ථිකය හදන්නත් මේ රට ආරක්ෂා කරගන්න. ඒ නිසා මම නැවත වතාවක් ආරාධනා කරනවා අන්තර් පාලනයකට සම්බන්ධ වෙන්න. ඔබතුමන්ලා සතු විශේෂඥ දැනුම රට වනුවෙන් ආයෝජනය කරන්න.”