23.9 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවටේ යන්නෙ නැතුව ඉල්ලා අස්වෙන්න

වටේ යන්නෙ නැතුව ඉල්ලා අස්වෙන්න

ජනතාව අරගල කරමින් ඉල්ලන පරිදි ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවත් සාමාන්‍ය ජනතාවට තම ජන ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය පහසුකම් ලබා දිය යුතු බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

“කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම හෝ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ස්වාධින වීම හෝ මේ කිසිවක් විසඳුම් බවට පත් වෙලා නැහැ. වටේ යන්න එපා. එහෙ මෙහේ අත ගාන්න එපා. තමුන්නාන්සේලා යෝජනා කරන යෝජනා කිසිවක් මේ රටේ ජනතාව භාර ගන්නේ නැහැ භාර ගන්නව නම් මේ වන විට ජනතාව පාරේ ඉන්න විදිහක් නැහැ. ඒ නිසා ඉදිරිපත් කරන ඕන ම යෝජනාවකට අනිවාර්ය කොන්දේසියක් තියෙනවා. ඒ අනිවාර්ය කොන්දේසිවලට යටත්ව අපි යෝජනා සාකච්ඡා කරමු. ඒ අනිවාර්ය කොන්දේසිය තම යි ජනතාවගේ ප්‍රශ්නයේ කේන්ද්‍රයේ තිබෙන ජනාධිපතිවරයා ඉවත් විය යුතු යි කියන යෝජනාව.”