25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහර්ෂ පොදු අපේක්ෂකයා කිරීමට නාමල්ගේ සහාය ලැබෙයි

හර්ෂ පොදු අපේක්ෂකයා කිරීමට නාමල්ගේ සහාය ලැබෙයි

කවුරුන් හෝ ජනාධිපති ධුරය භාර ගැනීමට සූදානම් නොමැති නම් හර්ෂ ද සිල්වා මාස 06ට ජනාධිපති ලෙස පත් කරන ලෙස ඊයේ (06) පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු පැවසීය.

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පොදු අපේක්ෂකයා කළහොත් තමාද ඊට සහාය දක්වන බව නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් අද (07) පාලිමේන්තුව ආරම්භ වීමට පෙර විශේෂ සිදුවීමක් විය.

අද පාර්ලිමේන්තුව ආරම්භ වීමට ප්‍රථම සභා ගර්භයේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාට ‘භාරකාර ජනාධිපතිතුමා’ යනුවෙන් ආමන්ත්‍රණය කළ අතර පළමුවෙන් රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර විසින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාට ‘භාරකාර ජනාධිපතිතුමා’ යනුවෙන් ආමන්ත්‍රණය කිරීම සිදු කළේය.

ඔහු එලෙස ආමන්ත්‍රණය කිරීමෙන් පසු හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂද ‘භාරකාර ජනාධිපතිතුමා’ යනුවෙන් ආමන්ත්‍රණය කළේය. පසුව හර්ෂ ද සිල්වා මහතා භාරකාර ජනාධිපති ලෙස පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සදහන් කළ නාමල් රාජපක්ෂ මහතා ඊට සහයෝගය ලබා දෙන බවද සඳහන් කළේය.