27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනව කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි

නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරිපිට අද (08) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතය.

30ක් දක්වා තිබූ කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව අඩකින් පමණ අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව මෙතෙක් ඇමැති ධුර හිමිවූ මන්ත්‍රිවරුන් රැසකට ඇමැති ධුර අහිමි වන අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉවත් වීමෙන් පසු එම අමාත්‍ය ධුරයට පත්කළ හිටපු අධිකරණ ඇමැති අලි සබ්‍රිද තම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත. එහෙත් එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා මෙතෙක් භාර ගෙන නොමැති බවද පැවසේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම සඳහා සාකච්ඡා අවසන් කරන තුරු ඇමැති ධුරයේ රැඳී සිටින ලෙස ජනාධිපතිවරයා අලි සබ්‍රිට දැනුම් දී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග අනාවරණය කරයි. මුදල් අමාත්‍ය ධුරයට හිටපු වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පත්කරන බව මාධ්‍ය වාර්තා කර තිබුණත් එය වැරදි පුවතක් බවද එම ආරංචිමාර්ග තහවුරු කරයි.

විදුලිබල අමාත්‍ය ධුරයට හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිම පත්කිරීමට නියමිතය. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඒකාබද්ධ කර ඇමැති ධුරයක් නිර්මාණය කිරීමේ යෝජනාවක්ද ඉදිරිපත්ව ඇත. ඇමැති ධුර පත්කිරීම සම්බන්ධයෙන් ඊයේ (07) රාත්‍රිය වනතුරුම ජනාධිපති කාර්යාලයේ සාකච්ඡා පැවැත්විණි. කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී අදට (08) දින හයක් ගතවෙයි. මේ වනවිට මහාමාර්ග, අධ්‍යාපන හා විදේශ කටයුතු යන විෂය ක්ෂේත්‍ර සඳහා පමණක් ඇමැතිවරුන් පත්කර ඇත.