26.7 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම කල් යයි

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම කල් යයි

නව කැබිනට් මණ්ඩලය ලබන සතියේ පත් කරනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

කැබිනට් මණ්ඩලය අද පත්කරනු ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණද එවැනි පත් කිරීමක් අද සිදු නොවන බවත් බොහෝදුරට ලබන සඳුදා හෝ අඟහරුවාදා නව කැබිනට් මණ්ඩලය පත් කරනු ඇති බවත් වාර්තා වෙයි.

පසුගියදා අමාත්‍ය ධූරවලින් ඉවත්වූ අමාත්‍යවරුන් 26 දෙනෙකුගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය අද ප්‍රකාශයට පත් කර ඇති අතර අලි සබ්රි මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත්වූ බවට එහි දක්වා නොමැත.

මුදල් අමාත්‍ය ධූරය දැරූ බැසිල් රාජපක්ෂ පසුගියදා එම ධූරයෙන් ඉවත්වූ අතර පසුව ඒ සඳහා හිටපු අමාත්‍ය අලි සබ්රි පත් කෙරිණි. ඔහුද අමාත්‍ය ධුරය බාරගෙන පැය 24 ක් යාමටත් පෙර එම ධූරයෙන් ඉවත් විය.