― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමහබැංකු අධිපති, ලේකම් වැඩ බාර ගනී

මහබැංකු අධිපති, ලේකම් වැඩ බාර ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පත් කර තිබේ.

අදාළ පත්වීම් ලිපි ඊයේ (07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔවුන් වෙත බාරදෙනු ලැබීය.

ආචාර්ය නන්දලාල් වීරසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ, සහකාර අධිපති සහ ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති යන ධුර හොබවා තිබේ.

නන්දලාල් වීරසිංහ කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය සඳහා බාහිර කථිකාචාර්යවරයෙකු සහ මැලේසියාවේ සියසන් මධ්‍යස්ථානයේ බාහිර පර්යේෂණ අර්ථ ශාස්ත්‍රඥයෙකු ලෙස ද කටයුතු කර ඇත. ඔහු ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ක්‍රෝෆර්ඩ් හි මහජන ප්‍රතිපත්ති හා ව්‍යවහාරික සාර්ව ආර්ථික විශ්ලේෂණ මධ්‍යස්ථානයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකුද වේ.

කේ.එම්.එම්. සිරිවර්ධන මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය යන රටවල් සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් ඒ මහතා කටයුතු කර තිබේ.

සිරිවර්ධන මහතා සාර්ව ආර්ථික කළමනාකරණය, සාර්ව ආර්ථික පුරෝකථනය, මුදල් ප්‍රතිපත්තිය, මහ බැංකුකරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය, මූල්‍ය වැඩසටහන්කරණය ඇතුළු ක්ෂේත්‍ර ගනණාවක් පිළිබඳ ජාත්‍යන්තර පුහුණුව ලබා ඇත.