25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෙවල් වැටලීමට බයේ ඇමතිකම එපා කියූ අලි සබ්රි

ගෙවල් වැටලීමට බයේ ඇමතිකම එපා කියූ අලි සබ්රි

තමන් මුදල් අමාත්‍ය ධුරය භාරගැනීමත් සමඟ විශාල පීඩනයකට ලක්වූ බවත් ජනතාව ගෙවල් වටකිරීම ආරම්භ වීමත් සමඟ සිය නිවෙස්වල උදවිය මේ සම්බන්ධයෙන් බියට පත් වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.

ඉදිරියේදී පාර්ලිමේන්තුවේ නොමැති අයෙකු වුවද මුදල් අමාත්‍ය ධුරය භාරගැනීමට යෝජනා කරන්නේ නම් තම මන්ත්‍රීධුරය හෝ කැපකර ඔහුට අවස්ථාව ලබාදීමට සූදානම් බව අලි සබ්රි මන්ත්‍රීවරයා ලිපියක් මඟින් ජනපති දැනුවත් කර ඇත.

තමන් අදාළ විෂයට සම්බන්ධයක් නොමැති බවට විවිධ පුද්ගලයන් යෝජනා ඉදිරිපත් කිරීමත් සමඟ එම විෂයට සුදුසු පුද්ගලයෙක් පත්කරගැනීමට අවස්ථාව සලසා දී තමන් එම ධුරයට සමුදීමට තීරණය කළ බවත් අලි සබ්රි එම වැඩසටහනේදී වැඩිදුරටත් අවධාරණය කළේය.