― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරජයේ සේවකයින් අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක

රජයේ සේවකයින් අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක

ආණ්ඩුවට විරෝධය පළ කරමින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින් අද (08) දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක නිරත වෙයි.

එම වෘත්තීය සමිති අද පස්වරුවේ කොළඹදී විරෝධතාවක්ද සංවිධානය කර ඇති අතර වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැදවුම්කරු උදේනි දිසානායක ප්‍රකාශ කළේ විවිධ කාර්යයන් සඳහා අද දිනයේ රජයේ කාර්යාල වෙත පැමිණියහොත් මහජනතාව දුෂ්කරතාවට පත්විය හැකි බවය.

මේ අතර උත්සව සමයේදී මහජනතාව විවිධ අවශ්‍යතාවයන් සඳහා කොළඹ නගරයට විශාල වශයෙන් පැමිණෙන බැවින් එලෙස පැමිණෙන ජනතාව දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ විශේෂයෙන් ගාලු මුවදොර, කොටුව හා පිටකොටුව ප්‍රදේශ ආශ්‍රිතව විශාල තදබදයක් ඇතිවන බව නිරීක්ෂණය වූ බවයි.

ඒ හේතුවෙන් අද (08) පස්වරුවේ එම ප්‍රදේශ ආශ්‍රිතව විශාල රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් රථවාහනවලින් ගමන්ගන්නා පුද්ගලයින් එම ප්‍රදේශ වෙනුවට වෙනත් විකල්ප මාර්ග භාවිත කිරීම සුදුසු බව මහජනතාවට දැනුම්දෙයි.