27.8 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජපක්ෂවරුන්ගේ කෙරුවාව ගැන වෛද්‍ය රනිල් ජයසේනගෙන් විශේෂ හෙළිදරවුවක්

රාජපක්ෂවරුන්ගේ කෙරුවාව ගැන වෛද්‍ය රනිල් ජයසේනගෙන් විශේෂ හෙළිදරවුවක්

රාජපක්ෂවරුන් විසින් අතුරුගිරියේ ස්ථානයක හොරෙන් 5,000 කොළ මුද්‍රණය කරමින් සිටින බව විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන අනාවරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අන්තර්ජාලයේ පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මෙය ප්‍රසිද්ධියට පත් කළ තරුණයෙකු මරා දියවන්නාවේ ගිල්වා ඇති බවත් රාජපක්ෂවරුන් විසින් මැතිවරණ කරවන්නේ එම මුදලින් බවත්ය.

එලෙස මුද්‍රණය කරන මුදල් හොර සල්ලි කියා බැංකුවලටද සොයාගැනීමට නොහැකි බවත් හෙතෙම එම සාකච්ඡාවේදී පැවසීය.

එමෙන්ම තමාව මරා දැමීමට පෙර ඉක්මනින් මෙය ප්‍රචාරය කරන ලෙසද ඔහු මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ පිළිබඳව අද (08) පාර්ලිමේන්තුවේදීද දැඩි කතාබහට ලක්විය.