31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅත්‍යවශ්‍ය ඖෂධ 140ක හිඟයක්

අත්‍යවශ්‍ය ඖෂධ 140ක හිඟයක්

මේ වනවිට රට තුළ උද්ගතව ඇති දැඩි ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ හිඟය, රෝහල් කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල කර ඇත.

ඖෂධ හිඟය නිසා මතුව ඇති බරපතළ සෞඛ්‍ය අවදානමෙන් මිදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග 05ක් පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගෙන තිබේ.

මේ අතර ඖෂධ හිඟයට විසඳුම් ඉල්ලා ඊයෙත් රෝහල් ඉදිරිපිට විරෝධතා පැවැත්වුණේ අතර ඖෂධ නිෂ්පාදන නියාමන සහ සැපයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක පවසන්නේ ජීවිතාරක්ෂක ඖෂධ 03ක් මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ 140ක හිඟයක් පවතින බවයි.

හෘදයාබාධ රෝගීන් සඳහා රුධිර කැටි දියකරන streptokinase  සහ tenecteplase හිඟ ඖෂධ අතරට අයත් වෙයි. එමෙන්ම අධි රුධිර පීඩනයට ලබාදෙන ඖෂධද රෝහල් තුළ නොමැති බව වෛද්‍යවරුන් චෝදනා කරයි.

හදිසි අනතුරු නිසා උරස් කුහරයට හානි වූ අවස්ථාවලදී ජීවිත හානිය වළක්වා ගැනීමට භාවිතා කරන අයි.සී. ටියුබ්, ((IC tube)  සහ Intercostal tube මෙන්ම මුත්‍රා බටවලද හිඟයක් පවතින අතර දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඉන්සියුලීන් සහ වේදනා නාශකයක් වන මෝෆින් හිඟවීම රෝගීන් දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්කර තිබේ.