― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsරට කෑවා ඇති.. දැන්වත් ගෙදර යන්න - කාදිනල් හිමි

රට කෑවා ඇති.. දැන්වත් ගෙදර යන්න – කාදිනල් හිමි

රට කෑවා දැන් ඇති… දැන්වත් මේ රට පාලනය කර්න්න පුළුවන් කෙනෙකුට දෙන්නැයි” අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව පැවසුවේ අද (09) මීගමුව නගර මධ්‍යයේ පැවති උද්ඝෝෂණයකට එක්වෙමිනි.

දැන් අද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් දෙගොල්ලෝම එකතුවෙලා නාටකයක් රඟපානවා වගේ අපිට පෙනවා. ඒ නාට්‍ය රඟපාලා අපිව මෝඩයන් හැටියට සලකලා.. අපිට ඒ තත්ත්වයෙන් මේ කරන ක්‍රමවේදය පිළිගන්නැයි කියන එක වැරදියි.

අපි එහෙම භාරගන්න කැමති නෑ. අද අපිට අවශ්‍යයි රටට ලොකු වෙනසක්. නව ආරම්භයක්. දැන් අපේ විදේශ ඇමතිතුමා අපේ මුදල් ඇමතිතුමා යන්න ඕනේ IMF එකට ණය ඉල්ලන්න. රටවල්වලට ගිහිල්ලා අතදිගු කරන්න ඕනේ.. හිඟා කන්න. ඊයේ මං පත්තරේ දැක්කා ඉන්දියාවේ හිඟන්නෙක්.. එයා එකතු කරපු සල්ලි වගයක් ලංකාවට දෙනවා කියලා. ඒ කියන්නේ අපි හිඟන්නන්ගේ තත්ත්වයටත් එහා යන තත්ත්වයකට වැටුණයි කියන එකයි.

මේ තත්ත්වය දිගටම කරගෙන යන්න දෙන්න බෑ. අපි ඉල්ලා සිටිනවා මේ රටේ සෑම
පුරවැසියෙක්ගෙන්ම මේ ක්‍රමය වෙනස් කරන්න එකතු වෙන්න.. ඔක්කොමත් එක්කම. එකතුවෙලා මේ අයට කියන්න කරුණාකරලා.. යන්න දැන් ඇති රට කෑවා.. යන්න කියලා. ගිහිල්ලා.. මේක කරන්න පුලුවන් කෙනෙක්ට රට භාර දෙන්න. තවදුරටත් මේ අරගලය ලංකාව පුරාම කරගෙන ගිහිල්ලා සියලුමදෙනා පාරට බැහැලා.. මේ දූෂිත ක්‍රමවේදය ඉවත් කරන්නට කටයුතු කරන්න ධෛර්යවන්තව.”