26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical19 බලාත්මක කරනවා නම් ගෝඨාභය සමඟ වුණත් වැඩ කරන්න සූදානම්

19 බලාත්මක කරනවා නම් ගෝඨාභය සමඟ වුණත් වැඩ කරන්න සූදානම්

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කරන්නේ නම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ වුවද අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සහාය දෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසීය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව ප්‍රකාශ කළේ ගුවන්විදුලි නාලිකාවක පැවති දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

“අපි රට භාරගන්න සූදානම්, අපි බෑ කියලා නැහැ. අපි කියන්නෙ රැවුලයි කැඳයි දෙකම බැහැනෙ ආණ්ඩුවට ? ආණ්ඩුව විසින් නෙ මේ අර්බුදය ඇති කළේ ? අපි මේක කරන්නම්, හැබැයි අපි මේක කරන්න නම් අපට යම්කිසි බලයක් තියෙන්න එපැයි මේක කරන්න. විධායක ජනාධිපතිතුමාගේ අතේ බලය තියාගෙන අපට කියනවා නම් මෙව්වා කරන්න කියලා, ඒක විහිළුවක්. 19 වැනි සංශෝධනය බලාත්මක කළොත් අපට පුළුවන් යම්කිසි එකඟතාවකට එන්න. හැබැයි ඒ එකඟතාවට එන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වැඩපිළිවෙලක් එක්ක කෙටිකාලීන, අන්තර්කාලීන ආණ්ඩුවකට.”