25 C
Colombo
Wednesday, December 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

ඊයේ (09) උදෑසන සිට ගාලු මුවදොර පිටිය ආසන්නයේදී ආරම්භ කෙරුණු ආණ්ඩුවට එරෙහි විරෝධතා තවදුරටත් පැවැත්වේ.

ජනාධිපතිවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට චෝදනා කරමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වෙයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ අතර අව්, වැසි, කුසගින්න, පිපාසය නොතකා විරෝධතාව සඳහා පැමිණි පිරිස රැය පහන් වන තුරුම ගාලු මුවදොර පිටිය අසළ රැඳී සිටියේය.

සාමකාමී විරෝධතාකරුවන්ගේ මානව හිමිකම් තහවුරු කරන ලෙසට රජයෙන් සහිතකයක් ලබාදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයට දන්වා ඇත.

එමෙන්ම විරෝධතාකරුවන්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකිරීම හෙළාදකින බව මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කර ඇත.