වත්මන් ආණ්ඩුවටත්, ජනපතිවරයාටත් විරෝධය දක්වමින් දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විරෝධය ඊයේ (09) රැය නොනිදා විරෝධතාකරුවන් පහන් කළා.
මෙම අරගලයේදී ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විශාල පිරිසක් රැස්වෙමින් සටන් පාඨ කියවමින් තම විරෝධය දැක්වූ අතර ඔවුන් එම ස්ථානවලම රැය පහන් කරමින් තවදුරටත් පසුවනු බව දක්නට ලැබේ.
අව්, වැසි, කුසගින්න, පිපාසයද නොතකමින් ඔවුන් මේ වෙහෙසෙන්නේ අපේ අනාගතය අපිට ගොඩනඟා දීමටයි.





