― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිශ්වාසභංගයෙන් පැරදී අගමැති ගෙදර යයි

විශ්වාසභංගයෙන් පැරදී අගමැති ගෙදර යයි

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඔහුට එරෙහිව පැවති විශ්වාසභංගයෙන් පරාජය වීමත් සමඟ බලයෙන් පහකර තිබේ.

විපක්ෂයේ පක්ෂ විසින් යෝජනාවක් ගෙන ඒමෙන් පසු මධ්‍යම රාත්‍රියේ ඡන්ද විමසීම පැවැත්වුණු අතර එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරන ලදී. තමා ඉවත් කිරීමට එක්සත් ජනපදය ප්‍රමුඛ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව ඉම්‍රාන් ඛාන් පවසා ඇතත් පාකිස්තානු සභාව නව අගමැතිවරයෙකු පත් කිරීමට නියමිතය.

පාකිස්ථානයේ නව නායකයා තෝරා පත් කර ගැනීම සඳහා එරට පාර්ලිමේන්තුව සඳුදා රැස්වෙන අතර එම පුද්ගලයාට මීළඟ මැතිවරණය පැවැත්වීමට නියමිත 2023 ඔක්තෝබර් දක්වා බලයේ සිටීමට හැකි වනු ඇත.

විශ්වාසභංගයකින් බලයෙන් පහකළ පළමු වැනි පකිස්තාන අගමැතිවරයා බවට ඉම්‍රාන් ඛාන් පත්වෙයි. 69 හැවිරිදි ඛාන් විශ්වාසභංගය අවහිර කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී ව්‍යවස්ථා විරෝධී ලෙස කටයුතු කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය බ්‍රහස්පතින්දා තීන්දු කළේය.