30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅගමැති මහින්දව කොහොමත්ම අයින් කරන්නේ නැතිලු.. පොහොට්ටුවේ තවත් 10 ක් ඉදිරි සතියේදී...

අගමැති මහින්දව කොහොමත්ම අයින් කරන්නේ නැතිලු.. පොහොට්ටුවේ තවත් 10 ක් ඉදිරි සතියේදී ස්වාධීන වීමට සූදානම් – දේශපාලන වේදිකාවේ අලුත්ම තොරතුරු මෙන්න

දේශපාලන ලොකේ උණුසුම එන්න එන්නම වැඩිවෙනවා.
මේ දවස්වල කවුරුත් බලාගෙන ඉන්නේ මේ ආණ්ඩුවට මොකද වෙන්නේ..? අලුතින් කැබිනට් එකක් පත් කරන්නේ කවදද කියලා.
කොහොම වුණත් අපි මේ කියන්න යන්නේ දේශපාලන ආරංචි මාර්ගවලින් ලැබුණු තොරතුරු ටිකක් ගැනයි.
ඊයේ නිදහස් පක්ෂය ඇතුළු ස්වාධීන වුණු මන්ත්‍රීවරුන් ජනාධිපතිතුමා හමුවුණා.
මෙහිදී ජනාධිපතිතුමා ඔවුන්ට කියලා තියෙනවලු අගමැති මහින්ද රාජපක්ෂ මහතාව කොහොමත්ම ඉවත් කරන්නේ නෑ කියන එක.
ඒ වගේම ආණ්ඩු පක්ෂයෙන් ලැබුණු දේශපාලන ආරංචි මාර්ග කිව්වේ මේ වෙද්දි ආණ්ඩුව ඇතුලේ කලකිරීමෙන් ඉන්න මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටම ඇමතිකම් දෙන්න සූදානම් කරලා තියෙනවා කියලයි.
කොහොම වුණත් මේ වෙද්දි පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු 117 දෙනෙක් ඉන්නවා..
ඒ නිසා කොහොමත් ඔවුන්ට ආණ්ඩු බලය තියෙනවා.. හැබැයි ඉදිරි සතිය තුලදී පොහොට්ටුවේ මන්ත්‍රීවරු 10 දෙනෙක් ස්වාධීනව කටයුතු කරන්න ක්‍රියා කරන්නත් සූදානම් වෙනවලු.
එතකොට සමගි ජනබලවේගය ඇතුළු අනෙකුත් පිරිස එකතු වෙලා ආණ්ඩුව පිහිටුවන්න සැරසෙනවා කියලා තමයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.