28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅගමැති මහින්ද ජාතිය අමතන්න සූදානම් වෙයි

අගමැති මහින්ද ජාතිය අමතන්න සූදානම් වෙයි

අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ බොහෝවිට අද (11) හෝ හෙට (12) දිනයේදී ජාතිය අමතනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඊයේ (10) පැවති පක්ෂ රැස්වීමේදී මන්ත්‍රීවරුන් විසින් අගමැතිවරයාට ජාතිය අමතා ප්‍රකාශයක් කරන්නැයි ඉල්ලීමක් කර තිබේ.

මේ වනවිට සමාජ මාධ්‍ය තුළජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පතුරු ගසමින් විවේචනයට ලක්වන අවස්ථාවක ජනපතිවරයා යළි ජාතිය ඇමතීමට උත්සාහයක යෙදුනොත් එය මිනිසුන් තවත් කලබල කරවන්නක් විය හැකි බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දන්වා තිබේ.

මේ අවස්ථාවේදී ජනතාව යම් තරමකට හෝ ඇහුම්කන් දෙන නායකයා මහින්ද රාජපක්ෂ වන බැවින් ඔහුට ජාතිය අමතා යමක් ප්‍රකාශ කිරීම උචිත බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (10) දන්වා තිබේ.