26.2 C
Colombo
Saturday, March 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅවුරුද්දට ගමේ යන්න විශේෂ ප්‍රවාහන සැලැස්මක්

අවුරුද්දට ගමේ යන්න විශේෂ ප්‍රවාහන සැලැස්මක්

අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 19 වැනිදා දක්වා පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාවට නංවන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ජාතික ගමනාගමන කොමිසම යටතේ ලියාපදිංචි, දුරගමන් සේවා සඳහා අනියුක්ත කර ඇති මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථ සඳහාද ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ 04කින් ඉන්ධන ලබාදෙනු ලබයි.

එමෙන්ම මාකුඹුර සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන්ද විශේෂ ගමන්වාර ක්‍රියාත්මක කර ඇති අතර ඒ අනුව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මක බවත් එම මධ්‍යස්ථානයේ ව්‍යාපෘති කළමනාකරු නාලක දිසානායක පවසයි.

ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්ද ක්‍රියාත්මකය. දැනට ධාවනය කෙරෙන දුම්රිය සඳහා මැදිරි කිහිපයක් එක් කිරීමටද සැලසුම් කර තිබේ.