― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකෑන්, බූලිවලට ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවයි

කෑන්, බූලිවලට ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවයි

එළඹෙන 12,13,14 දිනවලදී ඉන්ධන පිරවුම්හල් වෙතින් කෑන් සහ බූලි වෙත ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මේ වනවිට මහජන උපයෝගීතා කොමිසමේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“අපි තීරණයක් ගත්තා 12,13,14 දිනයන්හි විදුලි බලය කැපීමක් සිදු නොවන නිසාත් මූලික පියවරක් හැටියට කෑන්වලට ඉන්ධන ලබාදීම නතර කරන්න. ඒ අනුව හෙට දිනයේ සිට ඉදිරි දින තුන තුළ බූලිවලට කෑන්වලට ඉන්ධන ලබාදීම නතර කරනවා. මේ කාලේ කොහොම වුනත් අපි දන්නවා කෘෂිකර්මාන්තය තුළ නියැලිලා ඉන්න ගොවි මහත්වරු විශාල පිරිසකගේ වැඩ කටයුතුවලට බාධාවක් නොවෙන ආකාරයෙන් මෙය ලබාදීමට අපි ක්‍රමයක් සකස් කළා. විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ ඉන්න කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී මහත්මයා, ග්‍රාම සේවා නිලධාරීවරයා මගින් සහතික කරලා කෘෂිකර්මාන්තය සඳහා භාවිත කරන රථ සඳහා අවශ්‍ය ඉන්ධන පිරවුම්හල් වෙතින් ලබාගන්න පුළුවන්. පසුගිය දිනවල විශාල වශයෙන් ඉන්ධන කෑන් සහ බූලිවලට රැඟෙන ගිය නිසා පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කළා මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන්න කියලා . ඒ අනුව අපිට වාර්තා වෙනවා ඊයේ දිනයේ පමණක් ලීටර් 10,000 මේ වගේ අනවශ්‍ය විදියට, නීති විරෝධීව රැස්කරගෙන තිබිලා පොලිසිය විසින් ස්ථානය කිහිපයක තිබිලා ලබාගෙන තියෙනවා. මොකද ඉන්ධන කිසිදු ආකාරයකින් පෞද්ගලිකව රැස්කර තබාගැනීමේ බලයක් සාමාන්‍ය ජනතාවට නෑ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ගබඩාකරගන්න පුළුවන් ඉන්ධන පිරවුම්හල්වලට පමණයි.” යැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය