― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeSocial'ගෝඨා ගෝ ගම' ගැන දැනගනිමු

‘ගෝඨා ගෝ ගම’ ගැන දැනගනිමු

“ගෝඨාගෝගම” යනු කොළඹ පුරවරයට ආ නවතම ගම්මානයයි. පසුගිය 09 වැනි සෙනසුරාදා ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලා විසල් උද්ඝෝෂණයක ගාලු මුවදොර පිටියේදී පැවති අතර ඒ සඳහා ලංකාවේ සතර දිග් භාගයෙන්ම තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී විය. ඔවුන් සෙනසුරාදා රැය පහන් වනතුරුම අව්, වැසි, පිපාසය, කුසගින්න නොතකා අරගලයේ යෙදුණු අතර ඉන්පසු කුඩා නිවාස තනාගෙන ඒ තුළ වෙසෙමින් නිරතුරුවම අරගලයේ නිතර වෙනු දක්නට ලැබේ.

එම ගම්මානයට මෙම නම ලැබී ඇත්තේ ඒ නිසාවෙනි. Google map සේවාවට ගිය ඔබට “ගෝඨාගෝගම” මෙසේ දිස් වනු ඇත. මෙම ගම්මානයේ විශේෂත්වය වන්නේ ගෝඨාගෝගම ගම්මානයට පිවිසෙන සියලු සාමාන්‍ය මහජනතාව වෙත ඉදුම්හිටුම් ආහාරපාන බෙහෙත්හේත් නොමිලේ සපයනු ලැබීමයි.