රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය තවත් ඉහළ ගොස් තිබේ.
අද (11) උදෑසන බලපත්ර ලාභී වාණිජ බැංකුවල ඩොලරයේ අගය රුපියල් 330ක් ලෙස දැක්වූ අතර අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 320ක් ලෙස දැක්වෙයි.
පසුගිය සිකුරාදා බැංකු ගනුදෙනු අත්හිටුවන විට අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 323ක්ව පැවතිණි.