― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSocialරස්සාවක් ගන්න දේශපාලකයින් පස්සෙ ගියපු රටක ඔබ සුබ සිහිනයක්.. හර්ෂ ද සිල්වා...

රස්සාවක් ගන්න දේශපාලකයින් පස්සෙ ගියපු රටක ඔබ සුබ සිහිනයක්.. හර්ෂ ද සිල්වා තැබූ ෆේස්බුක් සටහන

ජනපති ගෝඨාභය රාජපක්ෂට හා රජයට විරුද්ධව කොළඹ ගෝල්ෆේස් පිටියේ පවත්වන විරෝධතාවට තමන් එක්වුවහොත් තමන්ද එයින් ඉවත් කිරීමට ජනතාව කටයුතු කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරන්නේ එම විරෝධතාවට දේශපාලන මුහුණුවරක් නොදිය යුතු නිසා තමන් එම විරෝධතාවට එක්නොවන බවයි.

රස්සාවක් ගන්න දේශපාලකයින් පස්සෙ ගියපු රටක ඔබ සුබ සිහිනයක්. ඔබයි මේ රට හදන්නේ. අරගලයට ජයවේවා.

මම දේශපාලනඥයෙක් තමයි. මා වෘත්තිකයෙකු ලෙස ඉතාමත් සාර්ථක වීමෙන් පසුව දේශපාලනයට ආවේ රට ගැන හැඟීමෙන්. කවදා හෝ මේ රට නංවාලීමට මාගේ දායකත්වය ලබාදීම මගේ අරමුණයි.

මේ කතාව මම මුලින්ම කිව්වේ වර්තමානයේ අපේ තරුණ පරම්පරාව කරන අරගලයට වචනයකින් හෝ සහාය දීමට පෙර උඹත් ඒ 225 එකෙක් නේද? කියල අහන නිසා. එහෙම ඇහුවත් කමක් නෑ. මම මගේ අදහස පළ කරන්නම්. පක්ෂ පාට බේදයකින් තොරව මෙම අරගලයට මම හදවතින්ම සහාය දෙනවා. ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. නමුත්, එයට කිසි ලෙසකින් හෝ දේශපාලන මුහුණුවරක් නොදිය යුතු නිසා, දේශපාලනයෙන් ලේබල් වැදුණු මා කිසිවිටෙක මෙම විරෝධතාවයන්ට එන්නෙ නෑ. ආවොත් තරුණයින් මාව එළවා දමන්නත් පුලුවන්. එවැනි හයියක් තරුණ පරපුරට ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා.

රස්සාවක් ගන්න, උදලු තලයක් ගන්න, ටකරමක් ගන්න තමන්ගේ ආත්මයම පාවාදී දේශපාලකයින්ගේ පස්සෙ යන ජනතාවක් හිටපු රටක මේ වගේ කොන්ද පණ තියන තරුණ පරම්පරාවක් බිහිවීම පිළිබඳව මා සතුටු වෙනවා. ගැති නොවී විවෘතව නව්‍ය ලෙස සිතන, ආගම්, ජාති, කුල, මල බේද නොතකන, රට ගැන අවංකව ආදරයෙන් බලන, ඔබ රටට ශක්තියක්. මෙය සුබ සිහිනයක්. දරුවෙනි, ඔබයි මේ රට හදන්නේ. ඔබේ අරගලයට ජයවේවා. මේ මගේ අදහස. මම දේශපාලනඥයෙක් නිසා ඕන නම් බනින්න. කමක් නෑ.