රුසියානු – යුක්‍රේන යුද අර්බුදය හේතුවෙන් මෙරටට පොහොර ආනයනය කිරීමට දැඩි බාධා එල්ල වී තිබේ.
මෙරට තුළ භාවිත කරන පොහොර වර්ග රැසක් බෙලරූස් රාජ්‍යයෙන් ආනයනය කරනු ලබන අතර පවතින යුදමය වාතාවරණය හමුවේ එම පොහොර නැව්ගත කිරීමට නොහැකි වී තිබේ.
කෙසේවෙතත් ගොවීන් සඳහා දේශීය නිෂ්පාදකයින් විසින් නිෂ්පාදනය කරනු ලබන පොහොර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර ඒ අනුව දේශීයව නිපදවනු ලබන කාබනික පොහොර, දියර පොහොර සහ ක්ෂුද්‍රජීවීන් යොදාගනිමින් සකස් කරගත් පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා දිවයින පුරා බෙදාහැරීමට පියවර ගෙන ඇත.
මේ අතර ගොවීන් විසින් මිලදී ගනු ලබන රසායනික පොහොර සඳහා සහනාධාර මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.