30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහලාවතදී We Want Gota සහ Go Home Gota අතර ගැටුමක්

හලාවතදී We Want Gota සහ Go Home Gota අතර ගැටුමක්

අද (11) හලාවත නගරයේදී ‘We Want Gota’ නමින් රජයට පක්ෂව පැවති ආධාරකරුවන්ගේ පෙළපාලියක් පැවැත්විණි.

එහිදී රජයට විරුද්ධව පැමිණි විරෝධතාකරුවන් පිරිසක් විසින් ගල්මුල් ප්‍රහාර සහ හූ හඬ නැගීම හේතුවෙන් දරුණු ගැටුමක් සිදුවීමට ගිය අතර පොලීසිය මැදිහත්වීමෙන් එය වළක්වා ගෙන තිබේ.

මෙම ගැටුම පාලනය සඳහා සඳහා 100ට අධික පොලිස් බැලඇනියක් හා යුධහමුදාව යොදාගැනීමට පොලීසිය කටයුතු කර තිබුණි.

රජයට පක්ෂපාති පිරිස් සහ විරෝධතාකරුවන් 1000ට අධික පිරිසක් මේ සඳහා සහභාගී වූ අතර අවසානයේ රජයට විරුද්ධව කතෝලික ආගමික නායකයින් විශාල පිරිසක්ද නගරයට එක්විය.

මෙම විරෝධතා හා ගැටුම් හේතුවෙන් විශාල රථවාහන තදබදයක්ද ඇතිවූ අතර ගල්ප්‍රහාරයකින් වාහනයක ඉදිරිපස වීදුරුවක්ද විනාශ විය. මෙහිදී කිසිදු විරෝධතාකරුවෙකුට තුවාල සිදු නොවීය.