31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews13, 14, 15 විදුලි කප්පාදුවක් නැහැ

13, 14, 15 විදුලි කප්පාදුවක් නැහැ

අප්‍රේල් මස 13, 14 සහ 15 යන දිනවල විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ අතර අප්‍රේල් 16, 17 යන දේදින උදෑසන 8ත් සවස 5ත් අතර පැය 2යි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා,

“අපිට අවශ්‍ය තෙල් ප්‍රමාණය, වතුර ප්‍රමාණය, සියලු ප්‍රභවයන්ගෙන් ලැබෙන ප්‍රමාණය අනුව අපිට පුළුවන් විදුලි කප්පාදුවකින් තොරව ඒ දවස් කිහිපය ගත කරන්න. අපිට බලාපොරොත්තුව තියෙන්නේ 18න් පස්සේ, දීර්ඝ කාලීන විදුලි කප්පාදුවකට යන්නේ නැතුව මේ තත්ත්වය කළමනාකරණය කරගැනීමට. අපිට පුළුවන් එක දවසක් සම්පූර්ණයෙන් විදුලිය දීලා ඒක කළමනාකරණය කරගෙන විදුලි කප්පාදුව අවම කරගැනීම තමා අපේ බලාපොරොත්තුව තියෙන්නේ.”