26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන සඟවා ගත් පිරවුම්හලකට වැඩ වරදී

ඉන්ධන සඟවා ගත් පිරවුම්හලකට වැඩ වරදී

වත්තල ඇළකන්ද ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හළකට අයත් පමුණුගම අංගනයක සඟවා තිබූ ඉන්ධන තොගයක් පොලීසිය විසින් අද (12) සොයාගෙන තිබේ.

එහි තිබී පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් සහ හඳුනානොගත් තෙල් වර්ගයක් පිරවූ බවුසර් 04ක් පමුණුගම පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇති අතර එම ඉන්ධන ජනතාවට නොදෙමින් සඟවාගෙන සිට තිබූ බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත.

වඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ඩීසල්වලට භූමිතෙල් මුසුකර සිය පිරවුම්හළ හරහා මහජනතාව වෙත ලබාදීමට කටයුතු කරඇති බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඉන්ධන පිරවුම්හළේ හිමිකරුට අයත් බලපත්‍ර 2ක්ද අහෝසි කිරීමට කටයුතු කර ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.