ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහන පැකේජයක් ලබා ගැනීමට හැකි වුවත් ඒ හරහා ඇමරිකානු ඩොලර් බිලියන 5ක්වත් ලබා ගැනීමට නොහැකි බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ අනාවරණය කරයි.
ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ ට්‍රිලියන 20 ක් ණය තිබීමයි. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මූල්‍ය ආධාර බලාපොරොත්තුවෙන් නව මුදල් ඇමැති අලි සබ්රි දින කිහිපයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිලධාරීන් හමුවීමට නියමිතය.
මේ වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක ණය ගෙවිය යුතු බවත් එය මෙරට ජනතාවට කිසිසේත්ම දරා ගැනීමට නොහැකි වන බවත් හිටපු විගනකාධිපතිවරයා අවධාරණය කරයි.