30 C
Colombo
Tuesday, September 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රමාද ගාස්තු නොගෙව්වා නම් තවත් ඉන්ධන නැවක් ගන්න තිබ්බා

ප්‍රමාද ගාස්තු නොගෙව්වා නම් තවත් ඉන්ධන නැවක් ගන්න තිබ්බා

කොළඹ වරායට පැමිණ ඇති ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 40,000ක් අඩංගු ඉන්ධන නෞකාව ගොඩබෑමට දින 13ක් ප්‍රමාදවීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 92ක් ගෙවීමට සිදුව ඇතැයි තෙල් සංස්ථාවේ කොළොන්නාව ඉන්ධන සමාගමේ සේවකයෝ සඳහන් කරති.

මෙතරම් මුදලක් ගෙවීමට සිදුවීම මහා අපරාධයක් බවත් ඉන්ධන සඳහා ඩොලර් මිලියන පනස් දෙකක් ගෙවීමට අමතරව ප්‍රමාද ගාස්තු වශයෙන් ඩොලර් මිලියන හතළිහක් ගෙවා ඇති බවත් ඉන් තවත් ඉන්ධන නැවක් ගෙන්වීමට හැකියාව තිබූ බවත් සේවකයන් කියා සිටිති.

ඉන්ධන නැව් ගොඩබෑම කඩිනම් නොකර ඒවා මුහුදේ රඳවා ගැනීමෙන් පමාද ගාස්තු විශාල ප්‍රමාණයක් ගෙවීම පසුපස ඉහළ නිලධාරීන්ට විශාල කොමිස් මුදලක් ලැබෙනු ඇතැයිද සේවකයන් මෙන්ම වෘත්තීය සමති ද කියා සිටිති.