28.9 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු ප්‍රහාරයට අදාළව පුද්ගලයින් 735ක් අත්අඩංගුවට - ආරක්ෂක ලේකම්

පාස්කු ප්‍රහාරයට අදාළව පුද්ගලයින් 735ක් අත්අඩංගුවට – ආරක්ෂක ලේකම්

පාස්කු ප්‍රහාරයට අදාළව මේ දක්වා පුද්ගලයින් 735 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (12) කොළඹදී පැවති පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ පුද්ගලයින් 79 දෙනෙකුට චෝදනා 25,653ක් යටතේ නඩු 27ක් පවරා ඇති බවත් පුද්ගලයින් 29 දෙනෙකු තවදුරටත් රැදවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවත්ය.