28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරට තුළ පෙට්‍රල් හිඟයක් නෑ - සිපෙට්කෝ සභාපති

රට තුළ පෙට්‍රල් හිඟයක් නෑ – සිපෙට්කෝ සභාපති

යළිත් රට තුළ පෙට්‍රල් හිඟයක් ඇතිව තිබෙන බවට පැතිරයන ප්‍රචාරයන් අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසයි.

ඊයේ (11) මේ සම්බන්ධයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“අප්‍රේල් මාසය සඳහා ආනයනය කළ සියලුම ඉන්ධන තොග මේ වන විට ලැබෙමින් පවතිනවා. මේ මාසයට විතරක් අපි ඩීසල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැටපන්දහසක් ආනයනය කරන්න කටයුතු කරලා තියනවා ඒ වගේම පෙට්‍රල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ හතළිස්දහසක් ගෙන්වන්න කටයුතු කරලා තියනවා. දැනට අපිට ආනයනය කරලා තියන ඉන්ධන තොග දෙකයි ගෙවලා ලබාගන්න තියෙන්නේ. කොලොන්නාව සහ මුතුරාජවෙල යන ගබඩාවලට තමයි මේ ගොඩබෑම වෙන්නේ.”