29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරැප් ගායකයෙක් අරගල භූමියේදීම දිවි සැරියට සමුදෙයි

රැප් ගායකයෙක් අරගල භූමියේදීම දිවි සැරියට සමුදෙයි

කොළඹ නොනිදන අරගලයට උරදුන් මෙරට ප්‍රමුඛ පෙළේ රැප් ගායකයෙක් වන ශිරාස් අරගලය භූමියේදීම දිවියෙන් සමුගෙන තිබේ.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

ර්‍Rude boy lankan නමින් ප්‍රසිද්ධ ශිරාස් පසුගිය දින කිහිපය පුරාවටම අරගල භූමියේ විරෝධතාවේ නියැළුණු තරුණ තරුණියන්ට ගීත ගායනා කරමින් සහය පළ කර තිබේ.

ශිරාස් අවසන් වරට Bob Marley ගේ Set up stand up ගීතය අරගල භූමියේදී ගායනා කර ඇති අතර ඊට සුළු මොහොතකට පසු ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් අරගල භූමිය තුළ අද වැටී තිබේ. ඉන්පසු ඔහු ගිලන් රථයෙන් රෝහල කරා රැගෙන ගියද ඔහු සිය ජීවිතයට සමු දී ඇත.