― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදේශ ණය වාරික හා පොලී ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවයි

විදේශ ණය වාරික හා පොලී ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවයි

විදේශ ණය වාරික සහ පොලී ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු කියා සිටියේ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණයට යොමු වන බවයි.

මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සමග පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සියේ මේ අවස්ථාවේදී විදේශ ණය ආපසු ගෙවීම සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති අතර ණය ආපසු ගෙවීමට වඩා අත්‍යාවශ්‍ය භාණ්ඩ අනයනයට ප්‍රමුඛතාව දෙන බවයි.

ඉන්ධන , ගෑස් , ඖෂධ හා ආහාර ද්‍රව්‍ය ආනයනයට එම මුදල් යොදවන බව ඔහු කියා සිටියේ ය.

මේ අතර අපනයන ආදායම වාණිජ බැංකුවලින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අනිවාර්ය පරිවර්තනය කිරීම 50% සිට 25% දක්වා අඩු කිරීමට ද මහ බැංකුව තීරණය කර තිබේ.

එම ඉතිරි වන 25% විදේශ විනිමය අත්‍යවශ්‍ය ආනයන සඳහා බැංකු විසින් භාවිතා කරනු ඇතැයිද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ ය.

මහ බැංකු අධිපතිවරයා විදේශගතව සිටින ලංකිකයින්ගෙන් ඉල්ලා සිටියේ නිල මාර්ග ඔස්සේ මෙරටට මුදල් එවන ලෙසයි.

එම මුදල් අනවශ්‍ය විදිහට ණය ගෙවීම් සඳහා වියදම් නොකරන බවත් මෙරට ජනතාවගේ අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය ඇතුළු අවශ්‍යතා සඳහා එම මුදල් යොදවන බවත් ඔහු සඳහන් කළේ ය.