― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසහල් මිල තවදුරටත් ඉහළ යෑමේ අවදානමක්

සහල් මිල තවදුරටත් ඉහළ යෑමේ අවදානමක්

ඉන්ධන සහ පොහොර අර්බුදය හේතුවෙන් යල කන්නයේ වී හිඟයක් ඇතිවිය හැකි බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ඒ හේතුවෙන් තවදුරටත් වෙළඳපොලෙහි සහල් මිල ගණන් ඉහළ යා හැකි බව එම සංගමය පෙන්වා දෙයි.

මේ වනවිට වෙළඳපොළෙහි දේශීය නාඩු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 210ත් 220ත් අතර මිලකටද සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 230ක මිලකට හා
කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 270 වැනි මිලකට අලෙවි කෙරේ.

එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා සඳහන් කළේ ඉන්ධන අර්බුදයත් සමඟ යල කන්නයේ නියමිත ලෙස වගාවන් සිදු කිරීමට නොහැකි වුවහොත් සහල් මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි.