― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsසිරකරුවන්ට අලුත් අවුරුද්දේ වි‍ශේෂ අවස්ථාවක්

සිරකරුවන්ට අලුත් අවුරුද්දේ වි‍ශේෂ අවස්ථාවක්

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට (12) සිට 16 වැනිදා දක්වා සිරකරුවන්ට අමුත්තන් බැලීම සඳහා වි‍ශේෂ අවස්ථාවක් සලසා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව එක් සිරකරුවෙකු බැලීම සඳහා ඔහුගේ ඥාතීන් තිදෙනෙකුට අවස්ථාව ලැබෙනු ඇත. සිරකරුගේ ඥාතීන් විසින් නිවසේදී සකස්කර ගෙන එනු ලබන බත් පාර්සලයක් හා රසකැවිලි එක් සිරකරුවෙකුට ප්‍රමාණවත් පරිදි ලබා දීමට මෙහිදී අවස්ථාව හිමිවේ.

සිරකරුගේ ඥාතියෙකුට ‍හෝ ඔහු විසින් නම් කරනු ලබන එක් පුද්ගල‍ෙකුට අදාළ කාලය තුළ එක් වතාවකදී සිරකරු වෙනුවෙන් මසකට තැන්පත් කරන රුපියල් 2000/- මුදලට අමතරව උත්සව සමය වෙනුවෙන් රුපියල් 2000/- මුදලක් බන්ධනාගාර ආපනශාලාවේ තැන්පත් කර එම තැන්පත් කරන මුදලින් කිරිපි‍ටි, සීනී, රසකැවිලි ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට ප්‍රමාණවත් පරිදි ලබාදීම සිදු කළ හැකි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මීට අමතරව තම නිවසින් ආහාර ‍වේලක් රැගෙන එමට අපහසු අමුත්තන් සඳහා ආපනශාලාවේ තැන්පත් කරන ලද මුදලින් එක් අවස්ථාවකදී බත් පාර්සලයක් සිරකරුට ලබාදීමද සිදු කළ හැකිය.

ඉහත සඳහන් කළ කාලය තුළදී පමණක් සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම අවස්ථාව හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.