30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් – විදුලි ගැටළුව හෙටින් පසු වැඩි වෙයිද ? අනතුරු ඇඟවීමක්

තෙල් – විදුලි ගැටළුව හෙටින් පසු වැඩි වෙයිද ? අනතුරු ඇඟවීමක්

හෙටින් පසු මෙරට ඉන්ධන හා විදුලි අර්බුද වඩාත් උග්‍රවන බවට සමගි වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවයි.

එහි කැදවුම්කරු ආනන්ද පාලිත පැවසුවේ හෙටින් පසු විදුලි කප්පාදුව කෙරෙන කාලසීමාව ඉහළ නැවෙන බවයි.

ඉන්ධන අර්බුදය මත ප්‍රවාහන ගැටළු ද උද්ගතවනු ඇති බව ඔහු සදහන් කරයි.

පිරවුම්හල් සදහා අවශ්‍ය පෙට්‍රල් කිසිදු හිගයකින් තොරව ලබාදී ඇතැයි බලධාරීන් කරන ප්‍රකාශ අසත්‍ය බවද ආනන්ද පාලිත වැඩිදුරටත් චෝදනා කරයි.