― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකමාන්ඩෝ රෙජිමේන්තුවේ පිරිසක් සටන් පාඨ කියමින් පුහුණුවුණු කතාවේ ඔබ නොදත් ඇත්ත මෙන්න

කමාන්ඩෝ රෙජිමේන්තුවේ පිරිසක් සටන් පාඨ කියමින් පුහුණුවුණු කතාවේ ඔබ නොදත් ඇත්ත මෙන්න

කඩවත කමාන්ඩෝ රෙජිමේන්තුවේ සටන් පාඨ කියමින් කළ පුහුණුවීමක් පිළිබඳව ඊයේ බොහෝ දෙනෙකු කතාබහට ලක්කළා.
මේ පිළිබඳව දුමින්ද නාගමුව ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මේ පිළිබඳව ප්‍රශ්න කර සිටියා.
කෙසේ වෙතත් මේ පිළිබඳව කළ සොයා බැලීමකදී අපට දැනගන්නට ලැබුණේ මෙය හමුදා නිලධාරියෙකුගේ සාමාන්‍ය පුහුණුවීමක් බවයි.
හමුදාවේ මූලික පුහුණුවේ ඇති කැරලි මර්දනයේදී සිදුකරන පුහුණුවක් මෙලෙස ඇති බවයි වාර්තා වුණේ.
මෙය නිතර නිතර පුහුණුවීම් හමුදාව තුල සිදුකරන බවයි අප කළ විමසීමකදී හමුදා නිලධාරියෙකු පැවසුවේ.

වැඩිදුරටත් පැහැදිලි කළ හමුදා නිලධාරියා..

හමුදාවේ තියනවා මූලික පුහුණුවේ කැරලි මර්දනය කියලා.
අපි යොදාගන්නවා.. ත්‍රස්තවාදියා විදිහට සිවිල් අන්දලා ගේනවා.. ඒ අය කෑගගහා උද්ඝෝෂණය කරනවා.
හමුදාවේ අය එතකොට විසුරුවා හරින්න යනවා.. ඒ විසුරුවා හරින කණ්ඩායමට වෛද්‍යවරයෙකුගේ කණ්ඩායමක් ඉන්නවා.. ගිලන් රථයක් එනවා.. නඩුකාරයෙක් එනවා.. පොලිසියේ කෙනෙක් එනවා..
පොලිසිය නැතුව හමුදාවට යන්න බැහැනේ.. ඒ පාඩම නිතර නිතරම අපි පුහුණු කරනවා.. මොකද හමුදාවේ ඕනම දෙයක් නිතර නිතර කරනවා.. මේ ආධුනික පුහුණු පාඨමාලාවට අමතරව එය නැවත නැවත පුහුණු කරනවා.