33 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsභාරකාර ආණ්ඩුවේ නායකත්වයට රනිල් වික්‍රමසිංහ සූදානම්

භාරකාර ආණ්ඩුවේ නායකත්වයට රනිල් වික්‍රමසිංහ සූදානම්

ජනතා කැමැත්ත ඇත්නම් භාරකාර ආණ්ඩුවක ප්‍රධානියා වෙනමින් මෙරට ඇතිව තිබෙන අර්බුදයට විසඳුම් ලබා දීමට තමන් කැමති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා ඇතැයි වාර්තා වෙයි

අද (17) පෙරවරුවේ ප්‍රවාහන සංගම් නියෝජිතයන් සමග පැවති මෙම සාකච්ඡාවකදී හිටපු අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන බව සඳහන්.

තරුණ ප්‍රජාවගේ ඉල්ලීම්වලට ඉඩ දෙමින් සියල්ලන් ඉවත්විය යුතු බවත් ජනතාවගේ ඉල්ලීමක් ඇත්නම් භාරකාර ආණ්ඩුවකට කෙටි කාලයකට නායකත්වය දීමට තමන් සූදානම් බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි වැඩිදුරටත් පවසා තිබේ.

වත්මන් ආර්ථික අර්බුදයට වසර එකහමාරක් තුල විසඳුම් ලබා දිය හැකි බවත් එහිදි හිටපු අගමැතිවරයා සඳහන් කර ඇත.