විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අදාළව සාධනීය කරුණු ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
ජනතාවට වග කියන රජයක් බිහි කිරීම සඳහා විවිධ පාර්ශවයන්ගෙන් ලැබෙන ඉල්ලීම් අග්‍රමාත්‍යවරයාගේ අවධානයට ලක්ව ඇති අතර ඒ අනුව එම සංශෝධිත ව්‍යවස්ථාව මඟින් ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට හැකි වනු ඇති බව අග්‍රාමාත්‍යවරයා විශ්වාස කරයි.