27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනිද්දා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

අනිද්දා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

අනිද්දා (20) ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර සියලු වැඩ බිම් තුළ අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කිරීමට සියලු වෘත්තීය සමිති තීරණය කර ඇති බව වාර්තා වෙයි.

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රජය අත්තනෝමතික ලෙසත් ඉතා උද්දච්ච ලෙසත් ගනු ලැබූ අදූරදර්ශී තීන්දු හේතුවෙන් රට ආර්ථිකමය වශයෙන් විශාල අර්බුදයක හිර කර ඇති බවත්, එයින් මහජනතාව අති විශාල පීඩාවකට ලක්වී ඇති බවයි.

ඉතා ස්වාධීන ජන මතයක් වෙනුවෙන් අරගල කරන රටේ මහජනතාවට පිටුපාමින් කටයුතු කිරීම පිළිබඳව රටේ වැඩකරන ජනතාවගේ දැඩි පිළිකුල සටහන් කරමින්, ජන අරගලය ජයග්‍රහණය කරවීම උදෙසා කොන්දේසි විරහිත දායක්ත්වයක් ලබාදීමට තීරණය කර ඇතැයි වෘත්තීය සමිති හා බහුජන ව්‍යාපාර එකමුතුව කියයි.