23.9 C
Colombo
Tuesday, November 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලබන මැයි මස 02 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.

ඒ අනුව මැයි 02 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු මහ බැංකු අධිපතිවරයාට අද (18) සිතාසි නිකුත් කර තිබේ.

පසුගිය 07 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කබ්රාල්ට සිතාසි නිකුත් කර තිබුණද ඔහු අධිකරණය හමුවේ අද පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥ ජීවන්ත ජයතිලක අධිකරණය හමුවේ පෙනී සිටිමින් කබ්රාල්ට එරෙහිව පවතින පුද්ගලික පැමිණිල්ල ගැන විරෝධතා ඉදිරිපත් කරන බවට කරුණු දක්වා තිබුණි.

හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් චෝදනා 06ක් මත හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ගොනු කර ඇත.