28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාගෝගම ගැන පොලීසියෙන් අධිකරණයට වාර්තාවක්

ගෝඨාගෝගම ගැන පොලීසියෙන් අධිකරණයට වාර්තාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වාගෙන යන මහජන උද්ඝෝෂණය සම්බන්ධයෙන් පොලීසිය අද (18) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.

ඒ අනුව කොටුව පොලීසිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා වෙත එම කරුණු වාර්තා කිරීම සිදුකර ඇතැයිද සඳහන්.

පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ ගාලු මුවදොර පිහිටි ප්‍රදේශයට විශාල ජනතාවක් රැස්ව උද්ඝෝෂණ ක්‍රියාවලියේ නිරත වන බවත් මේ හේතුවෙන් මහජන ගමනාගමනයට මෙන්ම රථ වාහන ගමනාගමනයට බාධා සිදුව ඇති බවත්ය.

එබැවින් යම් මහජන සාමය කඩවීමේ සිද්ධියක් වාර්තා වුවහෙත් මේ පිලිබඳව අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා බවද පොලීසිය අධිකරණය හමුවේ දැනුම්දී තිබේ.