30 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාභය ෆේල්.. ඔයාව රටින් යවන්නෙ හොරාකාපු සල්ලිත් ආපහු අරගෙන - නීතිඥ මනෝජ්...

ගෝඨාභය ෆේල්.. ඔයාව රටින් යවන්නෙ හොරාකාපු සල්ලිත් ආපහු අරගෙන – නීතිඥ මනෝජ් නානායක්කාර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අසමත් පුද්ගලයෙක් බවත් ඔහු රටින් පිට කිරීමට පෙර සොරාගත් සියලු මුදල් ලබා ගැනීමට මෙන්ම සිරගත කිරීමට සිදුවුවහොත් එම කාලයද ලංකාව තුළ රඳවා තබාගෙන අනතුරුව රටින් පිටත් කරවන බව නීතිඥ මනෝජ් නානායක්කාර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17) ‘අරගලයේ නීතිඥයෝ’ විසින් පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

තරුණයින් කළ අරගලය තරුණයින් විසින්ම ජයග්‍රහණයකින් අවසන් කළ යුතු බවත් ඉතිහාසය තුළ දේශපාලන පක්ෂවලින් ආරම්භ කළ විරෝධතාවන්ට නොලැබුණු ප්‍රසාදයක් මේ අවස්ථාවේදී මෙම අරගලයට හිමිවී තිබෙන බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.

“දේශපාලන පක්ෂවලට අපි කියන්නේ ඔබ තේරුම් ගන්න මේ අරගලය තුළ ලැබෙන දායකත්වය ප්‍රයෝජනයට අරගෙන මේ රටේ සිස්ටම් චේන්ජ් එකක් වෙන්න අවශ්‍යයි. ඒ සිස්ටම් චේන්ජ් එකට මුලපුරන්න ඕනේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය කාර්යභාරය කරන්න ඕනේ දේශපාලන පක්ෂ. ඒ පක්ෂ තමන්ගේ වගකීම මේ අවස්ථාවේ නිසියාකාරයෙන් තේරුම් අරගෙන දේශපාලන ඩීල්, ගේම් එහෙම නැත්නම් යටින් යන දේශපාලන න්‍යාය පත්‍රයන් හදාගන්න උත්සහ කරන්නේ නැතුව රට ඉල්ලන කාර්යභාරය වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව තුළ කැපවෙලා මේ රටට සුගතියක් වෙන අකාරයෙන් කටයුතු කරයි කියල අපි විශ්වාස කරනවා.”