23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජනතාව ඉල්ලූ සිස්ටම් චේන්ජ් එකට මේක හොඳ අවස්ථාවක්

ජනතාව ඉල්ලූ සිස්ටම් චේන්ජ් එකට මේක හොඳ අවස්ථාවක්

අද පවතින මූල්‍ය අර්බුදය ජනතාව ඉල්ලූ සිස්ටම් චේන්ජ් එකට හොඳ අවස්ථාවක් බවත් අමාත්‍යවරයෙකු වශයෙන් කිසිඳු අමතර වරප්‍රසාදයක් භාවිත නොකරන්නැයි සියලු අමාත්‍යවරුන්ගෙන් තමා ඉල්ලා සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (18) උදෑසන කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනා දිවුරුම් දීමේ අවස්ථාවෙන් අනතුරුවය.

“ඇමති තනතුරු වරප්‍රසාදයක් නෙමෙයි. එය විශාල වගකීමක්. මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා කිසිදු අමතර වරප්‍රසාදයක් ඇමතිවරයෙක් ලෙස පාවිච්චි කරන්න එපා. මම තමුන්නාන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේ අවංක, කාර්යක්ෂම හා පිරිසිදු පාලනයකට කැපවෙන්න කියලා. ඒ වගේම ඔබ යටතේ ඇති ආයතන ජනතා සේවයට කැපවුණු ආයතන බවට පත්කරන්න. අද රාජ්‍ය ආයතන බොහෝමයක් පවතින්නේ බරපතළ මූල්‍ය අර්බුද තත්ත්වයක. ඒවා නිවැරදි කරගැනීම ඉතාමත්ම අවශ්‍යයි. අද පවතින මේ අර්බුදය ජනතාව ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක කරන්න හොඳ අවස්ථාවක්. තමුන්නාන්සේලාට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ එක්කම මම ඉල්ලා සිටිනවා තරුණයින්ගෙන් ඒකට උපකාර කරන්න කියලා.”