― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජනපති, අගමැති මත ගැටුමක් - අගමැති විපක්ෂයේ අසුන් ගනී?

ජනපති, අගමැති මත ගැටුමක් – අගමැති විපක්ෂයේ අසුන් ගනී?

ඊයේ (17) රාත්‍රියේ නව ඇමති මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා වටය දැඩි උණුසුම් ස්වභාවයක් ගත් බව දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරයි.

ජනාධිපතිවරයා විසින් නවක මුහුණු රාශියකින් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට තීරණය කළ යෝජනාව එම රැස්වීමේදී ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් මෙම යෝජනාවට එකහෙළා විරුද්ධ වී ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු, ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ යෝජනා ක්‍රියාත්මක වුවහොත් තමන් විපක්ෂයේ වාඩි වන බවයි.

එහිදී ජනාධිපතිවරයා විසින් නව පත් කිරීම් සිදු කිරීම සඳහා පසුගියදා පත් කරන ලද කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනාට සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙසට යෝජනා කර තිබෙන බවද වාර්තා වෙයි.

එම යෝජනාවටද එක හෙළා විරුද්ධ වී ඇති අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසා ඇත්තේ මේ මොහොතේ කැබිනට් අමාත්‍යධූරය අත්හැර දැමීමට තමන් සූදානම් නොමැති බවයි.
ඒ අවස්ථාවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පවසා ඇත්තේ කරුණු කාරණා මෙසේ සිදු වන්නේ නම් තමන් ඇතුළු කණ්ඩායමට විපක්ෂයේ වාඩි ගැනීම හැරෙන්නට වෙන විකල්පයක් නොමැති බවයි.

මේ හේතුවෙන් නව කැබිනට් මණ්ඩලය පත් කිරීම සඳහා අවසන් තීන්දු තීරණ ගැනීමට කැඳවා තිබූ මෙම සාකච්ඡාව අවසන් තීරණයකින් තොරව නිමා වූ බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් නව කැබිනට් මණ්ඩලයේ තනතුරු භාර නොගන්නා බවට මීට පෙර හිටපු අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, ආචාර්ය බන්දුල ගුණවර්ධන, රියර් අද්මිරාල් සරත් වීරසේකර ආදීන් මීට පෙර ප්‍රකාශ කර තිබුණි.