25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතම වත්කම් විගණනය කොට මහජනතාවට දැනුම් දෙන්නැයි තලතා ඉල්ලයි

තම වත්කම් විගණනය කොට මහජනතාවට දැනුම් දෙන්නැයි තලතා ඉල්ලයි

තමන් දේශීයව හා විදේශීයව උපයා ගනු ලැබූ වත්කම් සම්බන්ධයන් විගණනයක් කරන ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාළ විගණකාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

විගණකාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඇය සඳහන් කර ඇත්තේ තමන් 2004 වර්ෂයේ සිට මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරනු ලබන බවයි. එමෙන්ම 2015 වර්ෂයේ ජනවාරි 12 වෙනිදා සිට 2019 වර්ෂයේ නොවැම්බර් මස 20 වෙනිදා දක්වා කැබිනට් අමාත්‍යවරියක් කටයුතු කරනු ලැබූ බවයි ඇය එම ලිපියෙන් දක්වා තිබේ.

එම කාල සීමාවේදී තමන් විසින් දේශීයව සහ විදේශීයව උපයා ගන්නා ලද වත්කම් ගැන විගණනය කොට මහජනතාවට දැනුම් දීමට පියවර ගන්නා ලෙස මන්ත්‍රීවරිය සිය ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.