25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබස් ගාස්තු යළි ඉහළට?

බස් ගාස්තු යළි ඉහළට?

ඉන්ධන මිල ඇතුළු ජීවන වියදම් ඉහළ යාම හේතුවෙන් අවම බස් ගාස්තුව ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 40ක් කිරීමට සිදුවන බවත් සියලුම බස් ගාස්තු 50%කින් ඉහළ දැමීමට සිදුවන බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේය.

පවතින ඉන්ධන තදබදය හේතුවෙන් වැඩි මුදලට ඩීසල් ලබා ගැනීමට බස් රථවලට සිදුව ඇති බව පැවසූ ගැමුණු විජේරත්න වැඩිදුරටත් කියා සිටියේ මේ මොහොතේ බස් ගාස්තු සංශෝධනයක් අපේක්ෂා නොකරන බවයි.

මේ සඳහා නිසි ක්‍රමවේදයක් සකස් නොකළ හොත් ජූලි මාසය වන විට ගාස්තු සංශෝධනය කිරීමට සිදුවන බව හෙතෙම අවධාරණය කළේය.